බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී සහ භාණ්ඩ ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථාන අතරදී අද දහවල් 12.30 පමණ පිලි පැනීමකට ලක්වී ඇත.
1596 දරන බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ මගී සහ භාණ්ඩ ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය පීලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, පීලි පැනිමට ලක් වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවත් දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පැවසුවේය.
