ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර පත් කර ඇත.
අද (25) පෙරවරුවේ නව සභාපතිවරයා ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සෙනේෂ් දිසානායක බණ්ඩාර චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් ලෙසත් ප්‍රචලිතයි.
කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමි හි විද්‍යාර්ථියෙක් වන ඔහු ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනශූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ආදරණීය වස්සානය, Heart FM යන චිත්‍රපට සහ සම්මානිත ටෙලි නාට්‍යයක් වන ‘රළ බිඳෙන තැන’ ඔහුගේ නිර්මාණයන් අතර වෙයි.
