Spread the love

Hong Kong International Sixes ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා ගත්තේය..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර හය අවසානයේ දී කඩුලු 3 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් ඕමානය පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට සමත් වුහ‍.