Spread the love

බගවන්තලාව නගරයේ ජාතික ජන බලවේගයේ පක්ෂ කාර්යාලයක් (02) දින විවෘත කරනු ලැබුහ.

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මංජුල සුරවිරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය විවෘත කෙරිණ.

පක්ෂ කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව එම අවස්තාවට සහභාගි වු පිරිස හමුවේ අදහස් දැක් වු මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේ මේ රටට වැඩක් කරන්න පුළුවන් නායකයෙකු තොරා ගැනිමට පෙර ජනාධිපතිවරුන් අට දෙනෙකු මේ රටේ ජනතාව තොරාපත් කරගෙන තිබු බවයි.

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වු සෑම දේම ජනතාවට ලබාදිමට නම් මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බවයි.

පක්ෂ කාර්යාලය විවෘත කිරිමේ අවස්තාවට මෙතෙක් වතුකරයේ වෙනත් වෘත්තිය සමිති නියෝජනය කල ආධාරකරුවන් විශාල පිරිසක් මහ මැතිවරණයේදි ජාතික ජන බලවේගයට සහය දිම සදහා සහභාගි විය.