අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අසාධාරණයට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර ඇතැයි සමාජ ආරක්ෂණ අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර තිිබේ.
සමෘද්ධි ප්රතිලාභ හිමිවූ එහෙත් අස්වැසුම සමාජ සුභසාධන ප්රතිලාභ වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සොයාබලා කරුණු ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කර තිබේ.
ඒ අනුව මසක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ කමිටුවට දැනුම් දී ඇති බව අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.
