හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
