Spread the love

ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටුවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ පුද්ගලයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වූ මහදෙණිය, කොරතොට, අතුරුගිරිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අලෙවි නිලධාරියෙක් ලෙස රැකියාව කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.