වෛද්‍ය මොහොමඩ් ශාෆි අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව කුමන්ත්‍රණකාරීව, ව්‍යාජ කතාවක් ගොතමින් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.
තමන්ව අත්අඩංගුවට ගැනීමට නිසි පැමිණිල්ලක් හෝ සාක්ෂියක් මෙතෙක් ඉදිරිපත් කිරිමට නිලධාරීන් සමත්වී නොමැති බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
