Spread the love

පෙරුමේලි කණ්ඩන් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පසුපැදිකරුට ඊයේ (07) සවස් කාලයේදී අකුණු සැර වැදී මිය ගිය පුවතක් එරාවුර් පොලීසියෙන් වාර්තාවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වන්දරාමුල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙකි.

ඔවුන් දෙදෙනා උප්පෝඩය ප්‍රදේශයේදී කුඹුරට ගොස් යතුරුපැදියෙන් නැවත නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

එරාවූර් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි