Spread the love

නිමල් රාජපක්ෂ-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2023/ 2024 කණ්ඩායමට අලුතින් ඇතුළත් වූ නව සිසු කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කායික විද්‍යා දේශන රඟහලේදී (physiology lecture theatre) පිළිගැණින.

මෙම නව සිසු කණ්ඩායමට සිසුන් 237 ඇතුලත් වන අතර වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාලය වසර 5 කි. එය අදියර දෙකක් යටතේ සිදුවේ.

මෙම සිසුන්ට පලමු වසර 2 ක තුළදී (Pre-clinical – Anatomy,Biochemistry,Physiology) මිනිස් සිරැරේ සාමාන්‍ය ව්‍යුහය, ක්‍රියාකාරිත්වය පිලිබඳ අධ්‍යනය කරයි.

පලමු වසර තුලදී කායව්‍යවච්ඡේදන දෙපාර්තමේන්තුව යටතේ පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන සිරුරු (dead bodies) අධ්‍යනය( body dissection) මගින් සිසුන් මිනිස් සිරුරේ සියලු කොටස් පිලිබඳ තම දැනුම වැඩි දියුණු කරගනු ලබයි.

එමෙන්ම අවසන් වසර 3 තුළදී (Clinical) Pathology, Pharmacology, Parasitology, Microbiology, Forensic Medicine, Community Medicine, Psychiatry, Anaesthesiology, Paediatrics, Surgery, Obstetrics & Gynaecology, Medicine, රෝග නිර්ණය හා ප්‍රතිකාර පිළිිබද අවශ්‍ය දැනුම ලබා දෙනු ලැබේ.

සායනික පුහුනුව (Clinical Training) සඳහා මෙම නව වෛද්‍ය සිසුන් මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, ගම්පොල ශික්ෂණ රෝහල, නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ,මාවනැල්ල මූළික රෝහල, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල වැනි රෝහල් වලට යොමු කෙරේ.

පාඨමාලාව ආරම්භයේදී පුහුණු ගුරුවරුන් විසින් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය සඳහා මාස 3 ක් වැනි කාලයක් ඉංග්‍රීසි පාඨමාලාවක් දියත් කිරීමටද පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය.