ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස නිශාන්ත පෙරේරා මහතාත් හා උප සභාපතිවරයා ලෙස සුමිත් චන්දන මහතාත් ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ පසුගිය ඔක්තෝබර් 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වුන අතර එහිදී එම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වු බවත් ඒ ඡන්ද කොට්ඨාස 17න් 15ක්ම දිනා ගනිමින් බවයි.
