සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරයි
එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
ඒ අනුව දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රීපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
