මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇති බව යුද හමුදාව පවසයි.
කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති අතර උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්ය.
කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
