Spread the love

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 02ක් සමග එහි සිටි 14 දෙනෙකු මන්නාරම උතුරු මුහුදේදී ඊයේ (04) රාත්‍රියේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමකදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඉන්දීය ධීවර යාත්‍රා 02ක සහ ධීවරයින් 14 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 68ක් සහ ඉන්දීය ධීවරයින්529 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.