Spread the love

2024.12.05 වන දින රාත්‍රී කාලයේ පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවට පදවිය පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

තුවාලකාරිය ප්‍රථිකාර සඳහා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 73 ක් වන බාලයාවැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර, වෙඩි තැබීමට හේතුව ‌ හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. පදවිය පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.