Spread the love

සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන  ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය ප ැවසුවාය.

සංගණන කටයුතු සඳහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාසවලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

කෙසේවෙතත් එම සංගණන කටයුතු දෙසැම්බර් මස 23 වන දිනෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.