පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කෙරේ.
සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබාගන්නැයි, ජනාධිපතිවරයා දුන් උපදෙස් මත මෙම පරික්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව දින 10 ක් දෛනිකව සහල් මෝල් පරීක්ෂා කරන බවයි, පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ.
වී තොග මිලදී ගැනීම, දෛනික නිෂ්පාදනය, සහල් තොග නිකුත් කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් එහිදී දත්ත ලබාගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
