නාගොඩ සුමන
අස්ථාන ගතවී ඇති ටී56 ගිනි අවි 75ක් සොයා විමර්ෂන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එකම කඳවුරකින් එම ගිනි අවි අස්ථාන ගතවී ඇති බවට තොරතුරු ලැබී තිබේ.
එලෙස අස්ථාන ගතවී ඇති ටී56 වර්ගයේ ගිනි අවි 02ක් මේ වනවිට සොයා ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකායේ නියාමක වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි.
