Spread the love

නාගොඩ සුමන ගාල්ල අඟුළුගහ හන්දිය ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
නවතා තිබු බස්රථයක තවත් බස් රථ 02 ක් ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබු පුද්ගලයන් 15 දෙනෙකු තවදුරටත් ගාල්ල ජාතික රෝහලේ සහ ඉමදූව රෝහලේ ප්‍රතිකාර ලබයි.
අනෙකුත් තුවාල ලැබු පුද්ගලයන් 14 දෙනා ප්‍රතිකාර ලබා පිටවගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.