Spread the love

නිමල් රාජපක්ෂ

පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ)වරයා පවසයි.

මේ හේතුවෙන් මී ඹයට තත්පරයට ඝන අඩි 440 ජලය නිකුත් කරන බැවින් මී ඹය දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම ගැන දැඩි අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග හා ආපදා කළමණාකරන කළමනාකරන දෙපාර්තුමේන්තුව පවසයි.

වාන් දොරටු තවදුරටත් විවෘත කල හැකි බැවින් වාරිමාර්ග හා ආපදා කළමණාකරන කළමනාකරන දෙපාර්තුමේන්තුව නිකුත් නිවේදන පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී.