ජනාධිපතිතුමා විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සෘජුවම අධිකරණයට බලපෑම් කිරීමක්. ජනාධිපතිට නොවේ පාර්ලිමේන්තුව තුලදීවත් විනිසුරුවරයෙක්වත් නඩුවක් පිළිබඳවත් කතා කිරීමට අයිතියක් නෑ. විනිසුරුවරයෙකු අයින් කිරීමේ යෝජනාවකදී හැරුණු විටග ඒහෙම විශේෂ විධිවිධාන යොදලා තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට. අන්න ඒ් අධිකරණයේ ස්වාධීනත්වයටයි ජනාධිපතිවරයා අත තබලා තියෙන්නේ’ යයි පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ජනාධිපතිතුමා බෙලිඅත්තේ දී පසුගිය 29දා රැස්වීමක් අමතමින් කියනවා “අපි නඩු දාන කොට සමහර නඩුකාරයෝ ඒ නඩු වලින් ඉවත් වෙනවා. ඒවා නම් එච්චර හොඳ නෑ. නඩුකාරයින් පත් කරලා තිබෙන්නේ නඩු අහන්නනෙ”. නඩුකාරවරුන් දෙදෙනෙකුම නඩු වලින් ඉවත් වුණේ තමන් පක්ෂග්රාහි බවට මාලිමා පාක්ෂිකයින් දෙදෙනෙකුම සමාජ මාධ්‍ය වල පල කර තිබුණු දේවල් නිසා. තමන් පක්ෂග්රාහි කියලා කවුරු හරි සමාජ මතයක් හදන කොට ඒ් කතාව ඇත්ත වුනත් බොරු වුනත් තමන් ඒ් අදාළ නඩු වලින් ඉවත් වීම තමයි අධිකරණ සම්ප්රදාය. ඒ සඳහා නඩුකාරවරුන්ට නීතියෙන්ම ඉඩ දීලා තිබෙනවා. මොකද නීතියේ තිබෙන ප්‍රධාන මූලධර්මයක් තමයි යුක්තිය ඉටු වීම ප්‍රමාණවත් නෑ. යුක්තිය ඉටු වුණු බව පේන්න තිබෙන්නත් ඕනි කියන එක. ඒ නිසා තමන් යුක්තිය ඉටු කරත් යුක්තිය ඉටු කරන බවට සැකයක් ඇති කරලා තියනවනම් නඩුකාරවරයා ඒ නඩුවෙන් ඉවත් වෙනවා. එහෙම නම් ජනාධිපතිතුමා කළ යුත්තේ තමන්ගේ පාක්ෂිකයාගේ විනය හදන එක මිස නඩුකාරවරුන් විවේචනය කිරීම නොවේ. මොකද නීතියේ තියන වැදගත්ම සංකල්පයක් තමයි නඩු පිළිබඳ ප්‍රසිද්ධියේ විනිශ්යට භාජනය වුන නඩු පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීමක් නොකර සිටීම.
තමන්ගේ මිතුරෙකුගේ ඥාතියෙකුගේ වගේම හතුරෙකුගේ නඩුවක් තමන් ඉදිරියට ආවාමත් නඩුකාරවරයා ඒ් නඩුවෙන් ඉවත් විය යුතුයි. මොකද ඒ් නඩුකාරවරයා කෙතරම් සාධාරණව නඩුව ඇහුවත් ඒ් පිළිබඳ අර යුක්තිය ඉටු වීම ප්‍රමාණවත් නෑ යුක්තිය ඉටු වුනු බව පේන්න තියෙන්න ඔ්නය කියන සංකල්පය බිඳ වැටෙන්න ඉඩ තියෙන නිසා. අපි හිතමු නඩුකාරතුමාගේ යාළුවෙක් ඒ පැමිණිලිකරු නඩුකාරතුමා ඉතාම සාධාරණව නඩුව අහලා තීන්දුව ලබා දුන්නත් සමාජ මතයක් හැදෙන්න ඉඩ තියෙනවා පැමිණිලිකරු ඉතින් නඩුකාරතුමාගේ මිත්‍රයනේ ඒකයි ඒ අයට වාසි සහගත නඩු තීන්දුවක් ලබා දුන්නේ කියලා. මේ නිසා තමයි තමන් දන්න කියන තමන්ට සම්බන්ධ පාර්ශවයක් ඉන්න නඩු වලින් වගේම තමන්ගේ අපක්ෂපාතිත්වය අභියෝගයට ලක් වුණු නඩු වලින් ඉවත් වීම අධිකරණ සම්ප්රදාය බවට පත් වෙලා තිබෙන්නේ.
ජනාධිපතිතුමා විනිසුරුවරුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සෘජුවම අධිකරණයට බලපෑම් කිරීමක්. ජනාධිපතිට නොවේ, පාර්ලිමේන්තුව තුලදීවත් විනිසුරුවරයෙක්වත් නඩුවක් පිළිබඳවත් කතා කිරීමට අයිතියක් නෑ විනිසුරුවරයෙකු අයින් කිරීමේ යෝජනාවකදී හැරුණු විට. ඒහෙම විශේෂ විධිවිධාන යොදලා තියෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට. අන්න ඒ් අධිකරණයේ ස්වාධීනත්වයටයි ජනාධිපතිවරයා අත තබලා තියෙන්නේ.
මේ විතරක් නොවේ. මගේ කට වහන්න මට එරෙහිව පවරා තිබුණු නඩුවේ දීත් ජනාධිපතිතුමා තමන් කැමති තීන්දුවක් ලබා ගන්න අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කලා. මගේ නඩුවේ තීන්දුව දෙන්න මුලින් තිබුණේ පෙබරවාරි 25. පසුව ඒක මාර්තු 24ට කල් ගියා. ජනවාරි මාසයේ දී ජනාධිපති කිව්වා, පෙබරවාරි මාසයේ අඩු මාසය අසුබයි කියලා කතාවක් තිබුණාට පෙබරවාරි මාසයේ දී උසාවියෙන් සුබ ප්‍රවෘත්තියක් ලැබෙන්න නියමිතයි කියලා. ඒ වගේම ස්ථාන දෙකක දී මම වැරදිකරු බව අඟවමින් මගේ නඩුව ගැන කතා කලා. ජනාධිපතිට නොවේ හිඟන්නෙකුටවත් අයිතියක් නෑ අධිකරණයේ විනිශ්යට භාජනය වුන කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න. ඒහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වීම වඩාත්ම භයානකයි. හේතුව වෙන්නේ මහාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයට උසස් කරන්නේ ජනාධිපතිවරයා අතින්. ඒ නිසා විනිශ්චිත නඩුවක් ගැන කතා කිරීම අධිකරණයට කරන අනිසි බලපෑමක් ජනාධිපතිවරයා විසින් අධිකරණයට කරන අනිසි බලපෑමක් බවට පත්වෙනවා. මගේ නඩුව පැවරුවාට පස්සේ දැන් මෙතනදි ජනාධිපතිතුමා බලපෑමක් කරා කියන්නේ ඒ මගේ නඩුවේ ඒතුමා කැමති තීන්දුව මොකක්ද කියලා ඉඟි කරමින් තමයි කතා කරේ. මගේ නඩුව පැවරුවාට පස්සේ මේ රටේ ජනාධිපතිවරු තව තුනදෙනෙක් හිටියා. ඒ අයට ගෞරවයක් විදිහට සිහිපත් කරන්න ඔ්නි මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ලා තමන්ගේ තනතුරේ ගෞරවය රැක ගනිමින් මගේ නඩුව පිළිබඳව මම කෙතරම් ආණ්ඩුවත් එක්ක හැප්පුනත් මගේ නඩුව පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීමෙන් වැලකී සිටියා. අධිකරණයට එවැනි බලපෑමක් විධායකයේ ප්‍රධානියා විසින් කරන්න උත්සහා කරද්දී ඉතාම ස්වාධීනව තීන්දුව ලබා දීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුතුමන්ට මම හිස නමා ආචාරය පුද කිරීමට මේක අවස්ථාවක් කරගන්නවා.
ජනාධිපතිතුමා අධිකරණය සම්බන්ධයෙන් මොන්ටිසෝරි දරුවෙකු වගේ හැසිරෙන්නේ එක්කෝ නීතිය නොදන්නා කමට නැත්නම් තක්කඩිකමට. ඇත්තටම නීතිය පිළිබඳ නොදන්නා කම නම් ජනාධිපතිතුමා මෙහෙම හැසිරෙන්නේ ජනාධිපතිතුමාට හොඳ නීති උපදේශකයෙක්ගේ සේවය අවශ්‍ය වෙලා තියෙන බවයි අපිට පේන්නේ.
මියන්මාරයට සහ තායිලන්තයට බොදු සහෝදරත්වය පෙන්වමු.
මියන්මාරය සහ තායිලන්තය කියන්නේ වසර දහස් ගණනක් පුරා ලංකාව සමග ආගමික, සංස්කෘතිමය සහ වෙලඳ සබඳතා පවත්වන රටවල්. ඉංග්‍රීසි යුගයේ දී මේ රටේ තායි කුමාරයෙකු රජ කිරීමට පවා අපේ ප්‍රභූන් සැලසුම් කලා. ඒ වගේම සිංහල භික්ෂු වංශයෙන් උපසම්පදාව අතුරුදහන් වුණාම නැවත අපට උපසම්පදාව ගෙනාවේ තායිලන්තයෙන් සහ මියන්මාරයෙන්. අපට සියම් නිකාය උරුම වුණේ තායිලන්තයෙන්. රාමඤ්ඤ සහ අමරපුර නිකායන් උරුම වුණේ මියන්මාරයෙන්. ඒ විතරක් නොවේ. ජාත්‍යන්තර අභියෝග වල දී මේ රටවල් හැමදාමත් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව සමග සිට ගත්තා. මේ සියල්ලටම වඩා තායිලන්තය සහ මියන්මාරය කියන්නේ අපේ ආගමික සහෝදරයන්. බෞද්ධ රාජ්‍යයන් කියන දුර්ලභ සමූහයට අයිති වන රටවල් දෙකක්.
