Spread the love


නිමල් රාජපක්ෂ

අද01) අළුයම රාගම වල්පොල දුම්රිය ස්ථානය අසළ කාර්යාල දුම්රියයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රියයන් ප්‍රමාද වි ධාවනය කෙරිණ.
අදාල දුම්රිය ඊට පිටුපසින් පැමිණි දුම්රියයෙන් රාගම දුම්රිය ස්ථානයට තල්ලුකරගෙන ගොස් ගාල් කිරීමෙන් පසු ප්‍රධාන මාර්ගයේ දුම්රියයන් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.
අදාල දුම්රිය රාගම දුම්රිය ස්ථානයට තල්ලුකරගෙන ගොස් ගාල් කිරිමේදී උදෑසන 7.00 ත් පසුවීම හේතුවෙන් කාර්යාල බලා ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවයට පත්වුය.