සිරි දළඳා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද (27) අවස්ථාව ලබාදී ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පැවසුවාය.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව පසුගිය දිනවලද කම්කරුවන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබාදී තිබූ බවයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ.
සිරි දළඳා වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේ මහනුවර නගර සභාවේ කම්කරු ප්‍රජාවට අමතරව අවට පළාත් පාලන ආයතනවල සේවකයින්ට දළදා වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
