Spread the love

.

පානදුර, හිරණ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අද (29) අලුයම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

හිරණ පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.