Spread the love

හැටන් සිට දික්ඔය මූලික රෝහල දක්වා සේවයට වාර්ථා කිරිමට හෙද සොයුරියක් ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක් පමණ ප්‍රපාතයෙන් යුත් තේ වත්තට පෙරලී එම හෙද සොයුරිය තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කල බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් කැන්දගොල්ල වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයේ ගැටීමට යෑමේදි හෙද සොයුරිය විසින් මෝටර් රථය තේ වත්ත දෙසට හැරවීමත් සමග මෝටර් රථය හෙද සොයුරියගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් මෝටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.