2025.05.12 වන දින රාත්රී කාලයේ අලදෙණිය පොලිස් වසමේ යටිහලගල කුළුගම්මන මාර්ගයේ යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් කුළුගම්මන හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට ගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09, කාන්තාවන් 20 හා ළමුන් 08 දෙනෙකු පමණ තුවාල ලබා ප්රතිකාර සඳහා මහනුවර, පේරාදෙණිය හා තිත්තපජ්ජල රෝහල් වලට ඇතුලත්කර ඇත.
