ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි .පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා
සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඉදිරියේ දී මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තීය සමිති සහය පළකිරීමට තීරණය කර ඇති බව ද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
