Spread the love

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවය.