Spread the love

නිමල් රාජපක්ෂ
ගණේමුල්ල කුළුණ හන්දියේදී ජීප්රථයක් හා යතුරු පැදියක් මුහුණට මූහුණ හැපීමෙන් යතුරු පැදියේ ගමන්කල පිය පුතු දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ගණේමුල්ල පොලීසිය පවසයි
අනතුර සිදුවීඇත්තේ ඊයේ දහවල් 12.45 පමණය . අනතුරින් පියාගේ කකුලට බරපතල හානි සිදු වී ඇති බැවින් ඹහු ප්‍රතිකාර සදහා කොලඹ ජාතික රෝහලට යැවු බව ගණේමුල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති මංජුල රාජපක්ෂ මහතා පවසයි.
අතතුර සිදු කල ජීප් රථය හා 60 හැවිරීදි රියදුරු ගණේමුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ජීප් රථය හා රියදුර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගණේමුල්ල පොලිස්ථානාධිපති ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත,රථවාහන අංශයේ ස්ථානාධිපති , උපපොලිස් පරීක්ෂක මංජුල රාජපක්ෂ ,සැරයන් 42223 විදුරංග යන නිලධාරිහු සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි