නයිවල ප්‍රදේශයේදි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු වටලා හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් ඊයේ (31)වේයන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය පිළිබද වේයන්ගොඩ පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.
