නිමල් රාජපක්ෂ-
පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා විශේෂ දුම්රියන් ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
මෙම විශේෂ දුම්රියයන් මේ මස 9 දින සිට 11 වන දින දක්වා ධාවනයට එක්කොට ඇතැයිද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවසුවේය.

