ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී මාලු අල්ලමින් සිටි සංවිධාත්මක කණ්ඩායමක් විසින් නාවික හමුදා යාත්‍රාවක් වටකර පැහැර ගැනිමට යාමෛ්දි දැඩි පරිශ්‍රමයක් යොදා නාවික හමුදා නිලධාරීන් අහසට වෙඩි තබා ඹවුන්ගේ ගිනිඅවිරැගෙන ධීවර යාත්‍රා 11 අත්අඩංගුවට ගැනීමට සමත්වි ඇත.
මෙසේ ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සිටි යාත්‍රා බවයි නාවික හමුදාව සදහන් කලේ.
මෙහිදී එම සංවිධානාත්මක කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොර බැදීමක් සිදුවී ඇති බවත්, එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා ඇති බවත්, පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙන බවද සඳහන්.
අදාළ කණ්ඩායම ප්රකෝපකාරී ලෙස හැසිරී ඇති බවද, ඒ සමග එක් නාවික හමුදා සෙබලෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවද, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පැවසෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, එම සිද්ධිය මුල් කර ගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් විසින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
