Spread the love

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එළැඹෙන ජනවාරි මාසයේදී සලකා බලන බව නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.

මෙම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නොවිසදුනු නීතිමය සහ තාක්ෂණික ගැටලු රැසක් ඇති බවද හෙතෙම කියා සිටී.

සීමා නිර්ණය ඇතුළු නීතිමය රාමුව සම්බන්ධයෙන් තීරණාත්මක ගැටළු මෙතෙක් නොවිසදී ඇති නිසා මෙම වසරේ තවත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවත් ඒ මහතා පැවසුවේය.