Spread the love

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමන්කරමින් සිටියදී ඊයේ (12) දහවල් සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිටි අතර, ඉන් එක් මගියෙකු හැරෙන්න සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත්විය.

කෙසේ නමුත් ගුවන් යානය අහමදාබාද් තොටුපොළෙන් පිටත පිහිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සංඛ්‍යාව සිදුව ඇත.

ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත්තේ, මළසිරුරු අතර මගීන් සහ බිම සිටි පුද්ගලයින් යන දෙපාර්ශ්වයම සිටින බවයි.

මියගිය අය අතර අහමදාබාද් ප්‍රධාන නගරය වන ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටි ඇති බව වාර්තා වේ.