නිමල් රාජපක්ෂ-
ලංකාවේ ඕනෑම සංවිධානයක් , ආයතනයක් ස වාහන වායුවිමෝචන භාරකාර අරමුදලින් ඉල්ලීමක් කළහොත් එම සහාය නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්යක්ෂක ඉංජිනේරු දසුන් ජානක ගමගේ මහතා පවසයි.

දසුන් ජානක ගමගේ මහතා එසේ පැවසුවේ හයවන වරටත් සිදු කරන ලද tuneup කඳවුර clean sri lanka වැඩසටහනට සමගාමීව කම්කරු දෙපාර්තුමේන්තුවේදී පසුගියදා පැවැති අවස්ථාවේදීය.
මෙහිදී වායු විමෝචන පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීම සිදුකරන ලදී . පෙට්රල් හා ඩීසල් වාහන දුම් පරීක්ෂා කිරීම හා වාහන සුසර කිරීම වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ තාක්ෂණ නිලධාරීන්ගේ හා ඩේවිඩ් පීරිස් ආයතනයෙන් පුහුණු කාර්මික ශිල්පීන් අතින් සිදුවිය
