Spread the love

වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378කට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

පත්වීම් පිරිනැමීම හෙට (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත්වීම් පිරිනැමීම සිදුකරනු ලබයි.