පෙබරවාරි 01 සිට වාහන ආනයනයට අවසර ලබා දීමෙන් පසු මේ වනවිට වාහන ආනයනයෙන් පමණක් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් උපයා ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
ඒ අනුව 2025 වසරේදී වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450 ක ආදායමක් ඉලක්ක කර ඇති බවත්, එම ඉලක්කය ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවයි රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ සඳහන් කළේ.
රජය මෝටර් රථ ආනයනයට අවසර ලබාදුන් පසුව, මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
