Spread the love

ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා ඇති මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර ඇත.

එම පාර්සලය බන්ධනාගාර නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක්, දුරකථන චාජර් 01ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමට කටයුතු කර ඇත.