Spread the love

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.