Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුළ ( ජුනි 20 සිට ජුනි 30 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් තිස් එකක් (31) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) නාවික හමුදා භරයට ගැණින.

ඒ අනුව, ත්‍රිකුණාමලය සල්ලිකෝවිල්, සල්ලිතිව්, බෝල්ඩර් පොයින්ට් සහ මලයිමුන්ඩාල් යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙලෙස සැක‍කරුවන් 31ක් සහ ඩිංගි යාත්‍රා 06ක් සමඟ තහනම් ධීවර දැල් 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, ධීවර යාත්‍රා, මත්ස්‍යයින් හා මුහුදු කූඩැල්ලන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, මාන්කේනී, ඊච්චලම්පත්තු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙතද, සල්ලිකෝවිල් ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව, තහනම් ධීවර ආම්පන්න හා මත්ස්‍යයින් තොගය උප්පුවේලි පොලිස් ස්ථානය වෙතද, භාරදීමට කටයුතු කෙරිණි.