Spread the love

හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී වූ අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරා තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකොට තිබේ.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද (11) දහවල් 12ට පමණ බවයි පොලිසිය පවසන්නේ.

ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථය පසුපස අධික වේගයෙන් ධාවනය කළ බව කියන ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මෝටර් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

අනතුර හේතුවෙන් මෝටර් රථයට මෙන්ම ත්‍රීරෝද රථයටද දැඩි අලාභහානි සිදු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.