නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා නාවික හමුදාව, සුරබදු දෙපාර්තමේන්තුව හා එක්ව පුත්තලම සහ කල්පිටිය වෙරළ හා මුහුදු ප්රදේශ ආශ්රිතව මේ වසරේ ජුනි 30 සිට ජුලි 10 දක්වා කාලය තුළ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොල කිලෝ ග්රෑම් 1307ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්විය.

ඒ අනුව, පුත්තලම සහ කල්පිටිය ආශ්රිත විල්පත්තු පාරමුනෛ, වෙල්ලමුන්දලම සහ උච්චමුනෛ ප්රදේශ ආශ්රිතව, වයඹ නාවික විධානය විසින්, පුත්තලම සුරබදු කාර්යාලය හා එක්ව සිදුකල මෙම මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොල කිලෝග්රෑම් 1307ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්රා දෙකක් (02) මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, බීඩි කොල තොගය සහ ඩිංගි යාත්රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
