Spread the love

 මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. 

අනතුරින් මේ වන විට මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

එමෙන්ම අනතුරින් අවුරුදු 05ක ළමයෙක් සහ තවත් දෙදෙනෙකු තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයිද සඳහන් වේ.

මියගිය පිරිස මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මීමුරේ ප්‍රදේශය දක්වා ගමන් කිරීමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

මේ අතර තුවාල ලැබූ තිදෙනෙක් තෙල්දෙණිය රෝහලට ඇතුළත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.