Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, පසුගිය දෙසතිය තුළ ( 09 සිට 22) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයන් හැට පස්දෙනෙකු (65) සමඟ ඩිංගි යාත්‍රා දහසයක් (16) නාවික හමුදා භරයටගෙන ඇත.

ඒ අනුව, ත්‍රිකුණාමලය සල්පේරු, උප්පුරල්, පොල්මල්කුඩා, නිලාවේලී, මලෛයිමුන්තාල්, පුත්තලම ඉප්පන්තිව් සහ මන්නාරම උතුර යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර නාවික විධානය, වයඹ නාවික විධානය සහ උතුරු මැද නාවික විධානය මඟින් සිදුකල මෙම මෙහෙයුම් මඟින් තහනම් ධිවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන්, වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය යන නීති විරෝධි කටයුතු හේතුවෙන් මෙලෙස සැක‍කරුවන් හැට පස්දෙනෙකු (65) සහ ඩිංගි යාත්‍රා දහසයක් (16) සමඟ තහනම් ධීවර දැල් පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, ඊච්චලම්පත්තු පුත්තලම, කුච්චවේලි, කොඩ් බේ, මන්නාරම සහ ත්‍රිකුණාමලය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.