Spread the love

නිමල් රාජපක්ෂ-

“යුධ හමුදාව සමඟ පිවිතුරු පරිසරයක් – ජාතිය උදෙසා පිරිසිදු වෙරළක්” තේමාව යටතේ වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් හෙට( 29) පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා සිදු කිරීමට යුධ හමුදාව තිරණය කර ඇත.
ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ අදහසකට අනුව ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක සමඟ එක්ව මෙම පාරසරික ගැටලුවට පිලියමක් යෙදීමට කටයුතු කෙරේ.
දිවයින වටා පිහිටි සුන්දර වෙරළ තීරය අප රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමස්ත පාරිසරික සමතුලිතතාවයට ද සෘජුවම බලපාන අතිශය වැදගත් අංගයකි. කෙසේ වෙතත්, දිනෙන් දින ඉහළ යන මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළ තීරයට අපද්‍රව්‍ය එක්රැස්වීමෙන් එය දැඩි ලෙස දූෂණයට ලක් වෙමින් පවතී. “යුධ හමුදාව සමඟ පිවිතුරු පරිසරයක් – ජාතිය උදෙසා පිරිසිදු වෙරළක්” තේමාව කරගත් වෙරල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැලසුම්කරයි.

කිලෝමීටර් 1,340 ක පමණ දිගකින් යුත් ලංකා වෙරළ තීරය ලෝකයේ සුන්දරතම වෙරළ තීරයන් අතරට අයත් වන මෙරටට විදේශීය විනිමය ගෙනදෙන ප්‍රධානතම ආදායම් මාර්ගයකි. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, පරිසර අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සහ සිවිල් සංවිධාන, පරිසර සංවිධාන මෙන්ම දේශීය සහ විදේශීය පරිසර හිතකාමීන් සමඟ එක්ව, “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ හෙට (29) දින උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෙරළ පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙහිදී වෙල්ලම්කුලම් සිට චුන්ඩිකුලම් දක්වා වෙරළ තීරය ආරක්ෂක සේනා මූලස්ථානය – යාපනය භට පිරිස් විසිනුත්, මරීඩ්ඩෝකොඩ්ඩි සිට වෙල්ලම්කුලම් දක්වාත් චුන්ඩිකුලම් සිට කෝකිලායි දක්වා වෙරළ තීරය ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි භට පිරිස් විසිනුත්, කෝලිලායි සිට කුමන දක්වා වෙරළ තීරය ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර භට පිරිස් විසිනුත්, ආරක්ෂක සේවා මූලස්ථාය මධ්‍යයම භට පිරිස් විසිනුත් කුමන සිට කුඩාවැල්ල දක්වා වෙරළ තීරයක්, කුඩාවැල්ල සිට මරිඩ්ඩෝකොඩ්ඩි දක්වා වෙරළ තීරය බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භටපිරිස් විසිනුත් පිරිසිදු කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සමඟ සම්බන්ධවීමට සියලුම පාර්ශවයන්ට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරාධනා කරනු ලබන අතර 0773902160 / 0765536654 අංකවලට ඇමතීමෙන් සියලු තොරතුරු ලබා ගත හැක.