Spread the love

නිමල් රාජපක්ෂ

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද ( 31) අළුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක්යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කිලෝග්‍රෑම් 108ක ප්‍රමාණයක් ( පාර්සල් 54), තිබී ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබයි.