නිමල් රාජපක්ෂ –
කොටුව දුමරිය ස්ථානයේ දී දුම්රියක සිටි කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගෙන පලා යන සැකකාර ගුවන් හමුදා නිලධාරියකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වී ඇත්තේ ඊයේ (31) පෙරවරු 8.45 පමණය . අලුත්ගම සිට මරදාන බලා ගමන් ගන්නා දුම්රියයක් කොටුව දුම්රිය ස්ථානයේ හතරවන වේදීකාවේ නතර කර තිබේ. එහිදි දුම්රියතුළ සිටි කාන්තාවක් වෙනත් අයකු හා කථාකරමින් සිටින විටදී සැකකාර ගුවන් හමුදා නිලධාරියා අදාල කාන්තාවගේ මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බැස පලා ගොස් තිබේ. ඒ මොහොතේ කාන්තාව හා මගිින් ගේ කෑ ගැසීම ඇදි වේදිකාවේ රාජකාරියේ නිරත දුම්රිය ආරක්ෂක නිලධාරින් වහාම ක්‍රියාත්මක වි අදාල සැකකරු පසුපස හබාගොස් දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරු ගුවන් හමුදා නිලධාරියා මොරවැව හමුදා කදවුරේ සේවය කරන අයකු බවට තහවුරු වි තිබේ. අකරතැබ්බයට පත් යක්කල මුල්ල පදිංචි කාන්තාවට සිය මුදල් පසුම්බිය ලබා දුන් අතර අදාල සැකකාර මොරවැව ගුවන් හමුදා කදවුරේ සේවය කරන අයකු අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සදහා කොටුව පොලිසියට බාරදි ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , කොටුව දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරී ජේ. කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, දුම්රිය ආරක්ෂක නිලධාරීන් වන උදයකාන්ත , රුවන් ඒකනායක යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.
