Spread the love

අද (අගෝස්තු 13) දහවල්, මිනුවන්ගොඩ, ජාගොඩමුල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

මෙම වෙඩි තැබීම, ‘පස් දිලීප’ යන අය ඉලක්ක කරගෙන සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.