Spread the love

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් කැරළි මර්දන ඒකක කැඳවා ඇත.

ඒ එහි ඇති වූ නොසන්සුන් තත්වයන් පාලනය කිරීම සඳහායි.

මේ වන විට එම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාකරුවන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇති අතර තවත් වෘත්තීය සමිති කිහිපයක් ඊට සහයෝගය ලබා දෙමින් සිටී.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගොඩ ගැසී ඇති ලිපි හා පාර්පල් බෙදා හැරීම සඳහා ආරක්ෂක ඒක අංශවල සහය ලබාගන්නා බවය.