Spread the love

මර්දනයට සූදානම් නොවන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කරන බවත්, ඉවසීමටද සීමාවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඒ අනුව, මර්දනයට සූදානම් නොවී, මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙසද ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

තමන්ගේ මුළු පවුලම දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවත්, තමන් ඒවාට මුහුණ දුන් බවත්, නමුත් තමන් මුහුණ දුන් මර්දනයේ හා පළිගැනීමේ වේදනාව තවත් කෙනකුට දීමට සූදානම් නැති බවද ඔහු පැවසුවේය.

මේ රටේ රාජ්‍ය පාලකයාගේ ඉරණම මෙය නම්, කිසිම රාජ්‍ය පාලකයෙක් තම ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් තීන්දු ගැනීමට කටයුතු නොකරනු ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.